Thursday, February 21, 2019

එකම එක වරක්

සිදුවූ දේ කුමක්දැයි මා නොදනිමි. නමුත් මා දන්නේ මා කිසිදු දෙයක් නොකල බව පමණි. කුමන හෝ බලවේගයක් අප අතරට පැමිණියාදැයි මා නොදනිමි. මේ සා වේදනාවක් මා උසුලා නැත. නමුත් හැර යා නොහැක. සිදුවන දේ බලා සිටිනවා හැර මට කරන්නට දෙයක් ඉතිරි වී නොමැත. කුමක් කලද කෙලෙසක හෝ මා වරද කරුවෙකු වේ. එසේ සිදුවීමට මා කල පව කුමක් දැයි මා නොදනිමි. නමුත් සිදුවන්නේ එයමය.
මින් දින කිහිපයකට අතීතයට මට ගමන් කල හැකි නම් යැයි සිතුණු වාර අනන්තය. නුඹ මා හා ආලයෙන් වෙලී සිටි දින කරා යන්නට ඇත්නම් යැයි මා හට සිතුනු වාර අනන්තය. තත්පරයක් තත්පරයක් පාසා මට එය සිහි වේ. නමුත් කුමක් කරන්නද. යාමට නොහැක. මා හට කල හැක්කේ ඒ සොදුරු අතීතය සිහි කිරීම පමණි. නිරායාසයෙන් දෑස් කදුලින් තෙත් වේ. කුමක් කරනදැයි මා නොදනිමි.

කුඩා කල සිට මා හට ලැබුණු අත්දැකීම් ඔබ හොදන් දනී. මා සතුටින් සිටිනවාට වඩා මා බොහෝ විට තනිකම උරුම වූ ජීවියෙකි. සෑම අවස්තාවකම නොකල කුමක් හෝ දෙයකට මා වැරදි කරුවෙකුම විය. නමුත් නුඹ හමු වූ දා පටන් මාගේ ජීවිතයට සතුට ගලා ආවේය. සතුට යනු කුමක් දැයි මා ටික කලකට හෝ අත් වින්දෙමි. නුඹ මගේම වනු ඇත්දැයි මා දැන නොසිටියේය. නමුත් මා සතුටින් උන්නෙමි. නමුත් අද වන විට සුපුරුදු ලෙස දුකම උරුම වී තිබේ. මා කිසිත් නොකලෙමි. නමුත් වරද කරුවා මාය.

නුඹේ මතයට නැගෙන්නේ නම් මා භීතියෙන් වෙලී සිටි එකම කරුණ " නුඹ මට අහිමි වේදෝ " කියා කියූ වාර අනන්තය. නුඹේ ආලය මාගේ සියළුම නහට ඇට මිදුළු දක්වා ගමන් කලහ. මට නුඹ හැර අන් සරණක් නැත. මට නුඹ හැර අන් ආලයක් නැත. මට නුඹ හැර වෙනත් ස්ත්‍රියක් නොමැත. මම නුඹ හට මට හැකි උපරීම අයුරින් ප්‍රේම කලෙමි. මින් ඉදිරියටද කරන්නෙමි. නමුත් මාගේ දොස කොමක්දැයි මා නොදනිමි. 

අප හට භාධා රැසක් අප වටා වෙලී තිබෙනු මා දුටිමි. ඒ අතරින් කෙසේ හෝ ඉහළට පැමිණීමට මා වෙහෙස විය. නුඹ තරම් මට හමු අර්තවත් දෙයක් මගේ ජීවිතයේ නොමැත. නුඹ මට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. මා මූලික අඩිතාලම දැමූවෙමි. එම මාර්ගයේ ගමන් කලෙමි. මාගේ සතුට රැදී ඇත්තේ නුඹ තුලයි. නමුත් මේ සිදු වූයේ කුමක්ද. මා තනි විය. නුඹ මා වරදකරුවෙකු ලෙමස දකී. මා වැරදි නොකකෙමි. නමුත් නුඹද වැරදි කරුවෙකු නොවේ. සිතා ගැනීමට නොහැකි කුමක් හෝ දෙයක් අප අතරට පැමිණ ඇත.

මා වෙනස් වන්නේ නැත. මට වෙනස් වියද නොහැක. මම නුඹට මුළු හදවතින්ම ප්‍රේම කරමි. මාගේ වර්තමානය අනාගතය නුඹය. මූලික අඩිතාලම දැමූවා පමණි. මා හට ඉදිරියේදී ලැබෙන්නා වූ සියළූම දෑ වල අයිති කාරිය නුඹය. මා ඒ සියල්ලම ලබා ගණිමි. මා හට තනිකම උරුම නම් එය උරුමම උනාවේ. නමුත් මා බලා සිටිමි. කෙදිනක හෝ පෙර ආදරණීය එකම වචනයක් මා හට ලැබෙන තුරු බලා සිටිමි. නුඹ සිටිනා තත්ත්වය නිසා මාගේ ආදරය හිමි තැනැත්තිය නුඹය කියා මට ලොවට හඩ ගා කීමට නොහැක. එසේ අවස්තාවක් ලැබුන හොත් මා ඉතා සතුටින් එය කරමි. නුඹ මගේම කරගන්නෙමි. මිනි කිසිම කලෙක නුඹ කිසිවෙකු නොකල ලෙස නුඹ රැක ගන්නෙමි. නුඹට ප්‍රේම කරන්නෙමි.

මාගේ වචන වචනම නොවේ. මේ මාගේ ජීවිතයයි. නුඹ කෙදිනක මා දෙස බැලූවත් නුඹට ප්‍රේම කල මා එදිනද එලෙසම මුන ගැහෙනු ඇත. මා පුල පුලා කියා සිටින්නේ අප වෙන් කිරීමට කටයුතු කෙරූ බල වේගයන් ඉවත් කොට පෙර පරිදි කුමන හෝ ආකාරයකට ඉදිමු කියාය. නුඹ මා තේරුම් ගනීදැයි මා නොදනිමි. නුඹේ සිත බිදී ගොස්ය. බිදුනු සිත් එක් කිරීම නම් බොහෝ උගහටය. නමත් මා සොදුර මා කිසිදු දෙයක් නොකලෙමි. මා කල එකම කාරණය නුඹට ප්‍රේම කිරීම පමණි. නුඹ මා හට මෙතරම් නපුරු වන්නේ ඇයි දැයි නොදනිමි. එකම එක වරක් මා හට කුමන හෝ ආකාරයේ සහනයක් ලැබෙනු ඇතැයි සිතමින් මා කාලය ගත කරමි. මා මෙලෙස කෙදිනක වත් දුක් වී නොමැත. දෑස් තෙත් වන වාර අනන්තය. හදවත වේදනාවන් මිරිකී යයි. තවත් එකම එක වරක් හෝ මා අසලට පැමිණෙන්න.... මාගේ එකම ඉල්ලීම එයයි.

No comments:

Post a Comment