Sunday, March 3, 2019

බැදීම්.

බොහෝ දෙනා පිළිගන්නා පරිදි බැදීම් තුල ඇත්තේ දුකකි. මාම අතීතයේදී බොහෝ අවස්තාවන් වල බොහෝ දෙනාට මෙය පවසා ඇත. එහි යම් ස්ත්‍යක්ද නැතුවාම නොවේ. නමුත් මා ලැබූ අත්දැකීම් මත අනවශ්‍ය බැදීම් දුක් ගෙන දීමට මාර්ගයයි. මාගේ ජීවිතයේ එය වෙනස් වූ එකම අවස්ථාව නුඹ හමුවීම පමණි. නුඹ හමු වූ දා පටන් මා හට සිදු වූ දෑ මෙහි ලා විස්තර සහිතව ඉදිරිපත් කිරීමට මා හට නොහැක. නමුත් කෙසේ හෝ මා ඒවා අකුරු කරමි.

ජීවිතය ඔහේ ගලාගෙන යෑමට සැලැස්වූ මා ජීවිතය පිළිබද කිසිදු බලාපොරොත්තුවක් නැත්තෙකු ලෙස ජීවත් උනෙමි. නමුත් ජීවිතයේ හරය මා හට පසක් වීමට නුඹ ගේ හමු වීම ඉවහල් විය. මා මෙතෙක් නොමැරී ජීවත්ව ඇත්තේ නුඹගේ ආගමනය සිදුවීමටය. නුඹ කුමක් හෝ මා නොදන්නා කිසියම් හේතුවක් නිසා මා හට මුන ගැසුණි. ජීවිතය ජීවත් කරවීමට තරම් මට අන් කිසිවක් එතෙක් මුන ගැසී ද නොතිබුණි. මෙම ජීවිතයේ මා ලද භාග්‍ය නුඹ මුන ගැසීම බව මම තරයේ විශ්වාස කරමි.

ඇතැමුන් ශාරීරික බැදීම් හුදු කාමුකත්වයම හුවා දැක්වීමට කටයුතු කරනු විනා ඉන් ඔබ්බට සිත මෙහෙයවන්නේ නැත. නමුත් එය ශාරීරික බැදීමකට එහා ගිය ආත්මීය බැදීමක් ලෙස මා විශ්වාස කරමි. සියල්ලන් සමගම යහන් ගත වන්නන්ට ඇත්තේ කාමුකත්වය පමණක් මුසු ශාරීරික බැදීම් පමණි. නමුත් ආත්මීය බැම්මෙන් බැදුනු දෙදෙනෙකුට එය ආත්මීය ශරීරයන් එක්වන ඉතා මිහිරි හැගූම් සමුදායක් මුදා හරින බැදීමකි. විවිද අරුත් තිබුණද ආත්මීය බැදීම් හමුවේ එවැනි අරුත් බිද වැටේ. ආත්මීය බැදීම ඇත්තවුන් කාමුක බිදීම් වලට පමණක් සීමා නොවේ.

මා හට සියළු හැගීම් උද්දීපනය වන්නේ නුඹ ඉදිරියේ පමණි. එහි අරුත මට වෙනත් තරුණියක් හා කිසියම් හෝ බැදීමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවීමයි. මා ආලය කරන්නේ නුඹටය. මාගේ සියළුම සිතිවිලි උපදින්නේ නුඹ තුළිනි. මා ලෝකය දකින්නේ නුඹ දෑසිනි. මා හට නුඹ හැර අන් යමක් නොමැත. මට හට ඇති එකම වතුව නුඹ පමණි. මා ආත්මගත ප්‍රේමයකින් නුඹට ප්‍රේම කරමි. හදවත ගැඹුරේ සිට ඉපදී හදවත පුරා විහිදී යන්නේ නුඹට පිදූ ඒ පෙමයි.

මා නුඹම පතා ජීවත් වීමට තවත් කාරණා කුමටද. මාර්ගය අපහසු වුවද මම නුඹ හැරදා නොයමි. නුඹ පිදූ ප්‍රේමය අත් නොහරිමි. ආත්මයක් ආත්මයක් පාසා නුඹ මගේම ගැහැණිය කර ගැනීමට පෙරුම් දම් පුරමි. මා එතරම් ම නුඹට ප්‍රේම කරමි. මාගේ සාර්තකත්වය පිටුපස සිටිනා එකම තැනැත්තිය නුඹය. කෙදිනක හෝ ලොවට හඩගා කියන්නට හැකිනම් දෙවරක් නොසිතා මා පවසමි. මා ජීවත් කෙරූ මාගේ ආත්මීය ප්‍රේමය නුඹ යැයි ලොවට හඩගා කියමි. එය මා මාගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යක් කොට එය සලකමි. සොදුරිය.... බැදීම් දුකට මුල් වුවද ආත්ම ගත බැදීම මිනිසුන් ජීවත් කරනවන ජීවනාලියයි. ඔබ එය වටහා ගනු ඇතැයි මම සිතමි. මා ජීවත් වන්නේ නුඹ නිසාය. මාගේ ප්‍රේමය නුඹම පමණි.

No comments:

Post a Comment