Tuesday, March 12, 2019

අරුත.

සීමා මායිම් මා නොදනී. සීමා මායිම් මා සොයන්නේද නැත. මා දන්නේ මා අසීමාන්තිකව නුඹට ප්‍රේම කරන බව පමණි. නුඹ මට හිමි වේ දැයි මා නොදනී. නමුත් නුඹ මා තුළ මා සතු වී ඇත. නුඹ මා තුල ජීවත් වීම අරබා ඇත. මා තුල මා හැර වෙනත් අයෙකු මාගේ ජීවිත කාලය තුල ජීවත් වී නොමැත. මා නුඹට මා තුල  කිසිවෙකුට පා තැඹීමට නොහැකි වූ ඉසව් කරා පා තැබීමට දොරගුලු ඇර දුන්නේය. ඒ රිසි සේ නුඹට මා සතු කර ගැනීමටය.

මා ඉතා අහංකාර තැනැත්තෙක්මි. මා යටපත් කරගැනීමට මා කිසිවෙකුට ඉඩ ලබා නොදේ. එසේ උත්සාහ කරනන් හට මා කිසිවිටක යටපත්වී නොමැත. නමුත් මාගේ අහංකාරකම ඔබ හමුවේ දිය වී ගිය ආකාරය මටද සිතා ගත නොහැක. මා එය දකින්නේ ඉතා සුන්දර අවනත වීමක් ලෙසිනි. ජීවිතයේ ප්‍රතම සහ අවසාන වතාවට මා යටපත් උනෙමි. හදවතේ සියුම් නහර සියල්ලම ප්‍රකම්පනය කරමින් මා යටපත් උනෙමි. නමුත් නුඹ බලාපොරොතු වන අහංකාරයා තවමත් මා තුල ජීවත් වේ. එනමුත් මා නුඹට නතු වී හමාරය.
ජීවන ගමන පිළිබද අනාවැකි කීමට මා නොදනී. නමුත් මා හොදින් දන්නා එකම කාරනය කිසිවිටක මා නුඹ හැර නොයන බවයි. නුඹ මට හිමි වේදැයි මා නොදනිමි. නුඹ හා මා එක වහලක් යට ජීවත් වනු දැකීම මාගේ එකම අරමුනයි. මා එවන් වාසනාවන්තයා වීමට නම් තව බොහෝ දෑ රැස් කල යුතු වේ. මේ ඇරබී ඇත්තේ එම කාලයයි. මා මෙම මගෙහි ගමන් කරනු විනා අන් කිසිම මගක ගමන් නොකරමි.

මා නුඹගේ සිතුම් පැතුම් සියල්ල හොදින් දනිමි. නුඹ සතුටින් සිටිනු දකිනු තරම් මා ලබන තවත් සැපතක් මට නොමැත. නුබ දහඩිය වගුරන්නේ නම් මා හට අවසි වන්නේ නුඹගේ දහදිය නිවා දැමීමයි. නුඹ දුක් වන දකිනා විට මා හට අවැසි වන්නේ නුඹ සතුටු කිරීමයි. නුඹට වෙහෙස දැනෙන්නා විට මා හට අවසි වන්නේ මාගේ උරහිසේ නුඹ හොවා ගැනීමයි. මා නුඹ ගැන විනා අන් කිසිවක් ගැන නොසිතමි. බාහිරින් පැමිණෙන කිසිවකට මා නතු කර ගැනීමට නොහැක. මා නුඹේ පමණි.

ඉතිං සොදුර. එලබෙන්නාවූ යම් කාලයක් යම් දුරස් බාවයකින් සිටීමට සිදු වේ. නමුත් මා අන් කවර දා කටත් වඩා නුඹ ගැන සිතමි. නුඹට ප්‍රේම කරමි. විටෙක මාගේ සිත දුක්ක සිතුවිලි වලින් පිරී යයි. නමුත් මා හට සපුරා ගත යුතු දෑ තිබේ. මා කවරදාකටත් වඩා ශක්තිමත් වී ඇත. ඒ නුඹ නිසාය. මා සතු සියළු දෑ නුඹේය. නුඹට මා මුන ගැසෙනා විට මා උන්නේ මහා ආගාදයකට වැටී අන්ත අසරණවය. නමුත් නුඹ ඒ කිසිත් නොසලකා මට ජීවය ලබා දුන්නේය. මා දැන් ජීවත් වෙමි. නුඹ හැර නොයමි. මා නුඹේය. මා සතු සියළු දෑ වර්තමානයේත් අනාගතයේත් නුඹේය. නුඹට පොරොන්දු ප්‍රකාරව මා ජීවත් වෙමි. 

අවසාන වශයෙන් යමක් පැවසීමට ඇත. මා බලා සිටිමි. කාලය ඉගිල ගියාවේ. නමුත් මා බලා සිටිමි. මෙම භවයේ හෝ මතු භවයක හෝ නුඹ මා සතු වන තුරු මා බලා සිටිමි. සදාකල් ප්‍රේම කරමි. මා පැතූ ස්ත්‍රිය මට හමු විය. නුඹ මගේය. මා නුඹේය. කෙදිනක හෝ අප එක් වේවි. එතෙක් මා නුඹ වෙනුවෙන් බලා සිටිමි. ප්‍රේමයට අරුතක් සැපයීමට මට නොහැකි වුවත් නුඹගේ ප්‍රේමයේ අරුත මම වෙමි.

No comments:

Post a Comment