Saturday, February 16, 2019

අතැගිළි

සංසාර පුරුදු.... පෙර සංසාරය කුඩ තිබුණාදැයි මම නොදනිමි. නමිත් වැස්සත් සමග කුඩය යටින් යෑම නම් හුරුපුරුදු බවක් හැගුනි. එවලේ මා හට සිදු වූයේ සිදු වන දේ සිතා ගැනීමට අපහසු වීමයි. කුමක් හෝ දෙයකින් මා මනස වැසී තිබුණි. මා කල ප්‍රතම කාරනය නම් මේ වැසී තිබූ දෑ ඉවත් කිරීමයි. ඉන්පසු මා මනස ඉතා පැහැදිලි විය. මෙතෙක් කල් මනසේ තිබූ රුව නුඹම විය.

මේ ලොව වසන බොහෝ මිනිසුන්ට තමුන්ගේ සංසාරගත ප්‍රේමය සොයා යාමට සිදු වේ. නමුත් මා කුමක් හෝ පිනක් කර ඇත. ඒ මාගේ සංසාරගත් ප්‍රේමිය මා සොයා පැමිණීමයි. ඈ කිසි ලෙසක එය නොපිළිගනී. ඈ සිතන්නේ මාගේ ජීවන චක්‍රයට ඈ සම්බන්ද වී මා විනාශ කර දැමුවා කියාය. නැත සොදුර. එය එසේ වූවා නම් අද වන විට මා මෙවැනි තත්වයක නොමැත. මා විනාශ වූයේ නැත. මට හැගී ගිය ලෙස මට දැනුනේ වෙන කවරදාකටත් වඩා මා ජීවත් වන බවයි. මා ජීවත් විය යුතුය. ඒ නුඹ නිසාය. මේ ලොව කිසිම අදර කතාවකට නොදෙවෙනි ආදරයන් නුඹ මට හිමි කරාය. කියන්නට කුමක් හෝ වචනයක් තුබූ මට නුඹ වචන නැති කරාය. ඒ මාගේ සහ මගේ ආලයේ හිමි කාරිය නුඹ නිසාය.

උණුසුමක ආදරණීය බව හදවතට මෙතරම් දැණුන දිනයක් මාගේ ජීවිතයේ මට නොමැත. මා බොහෝ කලක් හබා ගොස් ඇත්තේ රැවටීම් පසු පසය. නුඹගේ උණුසුමින් මා සසල විය. මෙතෙක් කලක් සැගව තිබූ නුඹ වෙනුවෙන් පමණක් වූ හැගීම් සමුදායක් මුදා හැරීමට නුඹට හැකි විය. ඉතිං සොදුර නුඹ මගේම නොවේද. මා බොහෝ කල් බලා සිට ඇත. නුඹව සොයා ඇත. නුඹ යැයි සිතා අන් අයට රැවටී ඇත. නමුත් එහි අවසානයට මා ලගා විය. ඒ නුඹ මුන ගැසීමයී. එතැන් පටන් මාගේ කිසිම දෙයක් කිසි ලෙස කිසිවෙකුට නැවත ලබා ගැනීමට නොහැක. මා ලබා දෙන්නේද නැත. 

අතැගිලි එකිනෙක පැටලෙන විට, නුඹගේ උණුසුම දැනෙන විට, නුඹගේ හදවත ගැහෙනා රාවය මාගේ හදවතට දැනෙන විට මට සිදු වූයේ කුමක්දැයි මා නොදනිමි. මා නැවත උපත ලැබූ බවක් පමණක් මට හැගිණි. එය නුඹටද වූ බව මට නොතේරුනා නොවේ. කාරනා කාරනා කෙසේ සිදු වී තිඹුනද මා අසල සිටියේ නව යොවුන් වියේ ප්‍රථම ප්‍රේමය හදවතින් දරා සිටින ස්ත්‍රියකි. අතැගිලි පැටලෙන විට ඈ සසලව ගිය හැටි. තවත් දෙයක් නම් ඒ යොවුන් ස්ත්‍රියගේ තොල්පෙති ඉදුල්ව ගියේ මාගේ දෙතොල් පහසිනි. එතරම්ම ඈ සසල වූවාය. ස්ත්‍රික කන්‍යාවක වන්නේ ශරීරයෙන් නෙව හදවතිණි. එතරම්ම ඈ මා අසල නෑඹුල් වූවාය.

ඒ මිහිරි යෞවනිය පිළිබද මගේ සිතේ මෝනරන ආලය මා බොහෝ සෙයින් අදහමි. මා එය මාගේ ජීවිතය කොට ගත්තාය. මා අසල නුඹ ගැවසෙන්නේ නැම් මා මනසේ මැවෙන දෑ මට පැවසීමට නොහැක. නුඹටද එසේම වන බව මා දනිමි. එය නුඹෙන් අසා දැන ගන්නවාට වඩා මා කරනුයේ නුඹේ දෑස් දෙස බලා සිටීමයි. පතුලක් නොමැති මහා සයුරක කිමිදෙනවා වැනි හැගීමකින් එවිට මා වෙලා යයි. ඒ මහා සාගරය පිරී ඇත්තේ මා හට ඇති ප්‍රේමයයි. සියල්ල ඇති සැටියෙන් මා හට පිදීමට නුඹට නොහැක. නුඹ වටා ගමන් කරන්නා වූ දෑ නුඹව වලකාලයි. නමුත් මෙම භවයේ හෝ මතු යම් භවක් වන තුරු මා බලා සිටිමි. එතුවක් කල් නුඹට ප්‍රේම කරමි. නුඹ කුමණ හෝ ආකාරයකට මා අසලට පැමිණේ යැයි මා සිතමි. නුඹේ උණුසුම නිතරම මා අසලම සිටී යැයි මා සිතමි. එදිනක් වන තුරු මා මග බලා සිටිමි. මේ ඇරබී ඇත්තේ ඒ ගමන් මාර්ගයයි. මා ඒ ගමන් මාර්ගයේ හදවතේ කිසිම කහටක් නොමැතිව, ආදරණීයව ගමන් කරමි. සොදුර.... කෙදිනක හෝ අප හමු වනු ඇත.

No comments:

Post a Comment