Sunday, February 17, 2019

දෙවන මව සොයා යෑම.

මා විශ්වාස කරන පරිදි ඕනෑම පිරිමියෙකුට මව්වරුන් දෙදෙනෙකු සිටී. පළමු මව නම් දස මසක් කුසේ දරා හැදූ මවය. දෙවන මව නම් පළමු මවගෙන් පසු ඔහු ප්‍රේම කරනා ස්ත්‍රියයි. මෙහිදී පළමු මවගෙන් ලද සෙනෙහසට සමාන හෝ ඊට වඩා වැඩි යමක් දෙවන මවගෙන් ඔහු බලාපොරොත්තු වේ. ඔහුගේ ජීවන සහකාරිය වන්නේ දෙවන මවය. එතැන් පටන් ඔහු තබනා සෑම පියවරකම දෙවන මව ඔහු සමග සිටී.

මා ජීවිතය අත හැර දැමූවෙකි. කාලයක් මා ඉතා දරුණු ලෙසා මාගේ ජීවිතයෙන්ම පළිගත්තාය. මා නොමැරී ජීවත් වූ හේතුව කුමදැයි මා බොහෝ විට සිතන්නට වූ කරුණක්ය. ඒ මාගේ දෙවන මව මුන ගැසීමට කාලය මා හට ලබා දුන් විරාමයක් යැයි මට සිතේ. ඈ මා ඉදිරියට ආවාය. ඇගේ ප්‍රේමය මා හට පිදුවාය. ඈ මාගේ මව වූවාය. ඇගේ සෙනෙහස ඉදිරියේ මා මා ගමන් කල යුතුම මාවතට පිවිසුනේය.

මා ඒ මාර්ගයේ ගමනාරම්භ කොට හමාරය. කිසිදු කලෙක මා මෙලෙස උද්‍යෝගයෙන් වැඩ කොට නැත. පුදුමයට කරුණ නම් මා හට කිසිම වෙහෙසක් නොදැනීමයි. ඒ ඈ මා හා සෑම මොහොතකම සිටිනා බැවිනි. නමුත් ඈ පවසන්නේ ඒ ඈ නොවන බවයි. මාගේ ආලය පිදිය යුත්තේ ඈ හට නොවන බවයි. ඇය පුල පුලා එය පවසන්නීය. නමුත් ඈ නොදන්නා කාරනය නම් මා ඈ හට බැදී ඇත්තේ බිදී යන ලෙස නොවන බවයි. විටෙක ඈ හිතුවක්කාරය. කිසිදු වදනකදු ඈ මා හට මුවින් නොපවසයි. ඒ තුළද ඇත්තේ ඇගේ ප්‍රේමයයි. මා හට මුවින් නොපැවසූවත් එය මා තේරුම් ගන්නේ මාගේ මනසෙනි. මා බොහෝ විට ඇගෙ සිත කියවන්නේය. අප දෙදෙනාටම එකම අවස්තාවේ සිත් තුල ඇති වන සිතුවිලි සමුදාය එක හා සමානය. ඈද පුදුම වන්නේ එලෙස සිදු වන්නේ කෙලෙසද කියාය.

මිනිසෙකු උතුම් වන්නේ ඒ මිනිසා කරන්නාවූ ක්‍රියා කලාප හා සිතුවිලි වලිනි. මුලින් සිතුවිලි බිහි වන අතර පසුව එය ක්‍රියාවට නගයි. මාද සිදු කරන්නේ එයය. නුඹ හට බැදි ප්‍රේමයේ නාමයෙන් මා සියලුම දෑ ක්‍රියාවට නගයි. යම් දිනක නුඹ මා හට හිමි වන්නේ නම් නුඹට හමුවන මා සාමාන්‍ය මිනිසෙකු නොවේ. නුඹේ ප්‍රේමය හමුවේ සියල්ල සම්පූර්ණ වූ මිනිසෙක නුඹට හමු වනු ඇත. විටෙක නුඹම පවසන පරදි මාගේ විනාසය නුඹයි. මා විනාස වනවා නම් එය කෙලෙසක සිදු වනු ඇත්දැයි මා නොදනිමි. නමුත් එය සිදු නොවනු ඇත. නුඹ පවසන්නේ මා වෙනත් ස්ත්‍රියක් හා සම්බන්දතා ගොඩ නගා ගැනීම නම් නුඹ මා හරි හැටි තේරුම් ගෙන නැත. මා පවසන පරිදි මෙලෙස ස්ත්‍රියකට ප්‍රේම කල හැක්කේ එක් වරක් පමණි. එහෙයින් මා නුඹට ප්‍රේම කරමි.
නුඹගේ රුචි අරුචිකම් මා හොදින් දනිමි. 

මා මේ බිහි කරන්නේ නුබේ රාජ්‍යයි. නුඹට අවැසි ලෙස සියල්ල බිහි වේවි. එය මා උතුම් කර්තවයක් ලෙස ඉතා සෙනෙහසින් ඉටු කරමි. ඒ රාජ්‍යයට සිටින්නේ එකම රැජිනකි. ඒ රැජින එම රාජ්‍ය පාලනය යෙහෙන් කරනු ඇත. පරදේසක්කාර තරුණියකට එම රාජ්‍යයේ රැජින වීමට කිසි ලෙසකත් නොහැක. මන්ද රාජ්‍යයේ වටිනාකම දන්නේ නිවැරදි රැජින මිස වෙනත් ස්ත්‍රියක නොවේ. 

නුඹට හැකිනම් පැමිණෙන්න. මා නුඹ පැමිණෙන තෙක් බලා සිටිමි. නුඹ පැමිණෙන්නේ කෙලෙසකද, මා හට කිසි සේත් එය ගැටළුවක් නොවේ. වැදගත් වන්නේ නුඹේ පැමිණීම පමණි.

වසර ගනනාවකට පසු මා මාගේ දෙවන මව සොයා ගත්තේය.

No comments:

Post a Comment