Saturday, February 16, 2019

ඇරබුම.

මා කුඩා කල පටන් ආ ගමන් මගේ මා හට මෙම කාලය වන විට සන්දිස්තානයකට පැමිණ ඇතැයි මට සිතේ. බොහෝ කල් බොහෝ දුර පැමිණියද නැවත ඇරබුමක් මට හමු වූයේ මෙම කාලයේය. එය ජීවිතයට පාර කියා දුන් ඇරබුමක් ලෙස මා දකී. එම පාර කියූ ඇරබුමට ගෞරව දැක්වීමට මා හට වචන නොමැත. නමුත් හැකි ලෙස එය ලියා තැබීමට මා මෙතැන් පටන් වෙහෙසේ. එය හුදෙක් ඇරබුමට පාර කියා දීමට මට ශක්තියක් වූ ඇය හට පමණක් වන අතර, එය අන් කිසිවෙකු නොදැකිය යුතුය යන නිගමනයට ඒමට යම් යම් ගේතූන් නිසා මට සිදු විය. මේ දිග හැරෙන්නේ එම කතාවයි.

අහම්බ.... කිසි කලෙක මා අහම්බ විශ්වාස කලේ නැත. නමුත් කාලයාගේ ඇවෑමෙන් සහ මාගේ මනස මෝරන කල අහම්බයකට ද යම් හේතුවක් ඇති බව මා හට පසක් විය. මාගේ ජීවිතය කනපිට පෙරලූ එක් අහම්බයක් මගේ ජීවිතයම වේ යැයි මා කිසි කලෙකවත් සිතා තිබුණේද නැත. නමුත් එය සිදු විය. විශ්වාස කිරීමට නොහැකි ලෙසම සිදු විය. මගේ ශරීරයේ සියළුම රුධිර නාලිකා හරහා එය ගමන් කරන්නට විය. පසුව මා මා හටද අයිති නොවන ලෙස ඈ හටම හිමි විය.

මා පෙර සදන් කල පරිදි කොතෙක් අකුරු කලද මා හට එය පැවසිය හැකි ආකාරයක් මා නොදනී. එක්කෝ පවසන දෑ මදිය. නැත්නම් දැනෙන දෑ වචන කිරීමට නොහැක. නමුත් මා දන්නේ ඈ දුටු මුල්ම තත්පරයේ පටන් මා නොදන්නා කුමක් හෝ ප්‍රීතියකින් එසේත් නැතහොත් ආත්මීය හුරු පුරුදු බවකින් මා වෙලා ගත්තා පමණි. මා නැවත් එදිනට මගේ මනස මෙහෙයවන විට මා ඒ ත්‍රී රෝද රත අසුනේ ඈ අසලින් සිටින විට දැනුනු හැගීම් මට විස්තර කල නොහැක. එවලෙහි මගේ මනසට එය නොවැටහුනි. නමුත් පසුව හෙමින් හෙමින් හෝ මට දැනෙන්නට විය.

කිසි කැලෙක මම ශ්නිකව කිසියම් දෙයකට හිත යොමු කර නැත. එසේ යොමු කර අවස්තාවන් වලදී මට සිදු වූයේ ටික දිනකින් මගේ සිතින් එවැනි දෑ බැහැරට යාමයි. නමුත් ඈ හමුවූ පසු මා සිතන්නට විට. බොහෝ දුර මා සිතුවෙමි. ඇගේ ආලය මා සෙවූ ආලයම විය. මම ඇයට ආලය කරමි. මින් මතුවට කිසි ලෙසෙක වෙනත් තැනැත්තියකට ආලය නොකරමි. මා හට එසේ කිරීමට බැරිය. එය එසේ වුව හොත් අද දින මා ඇයට කරනා ආලය මහා බොරුවක් වනු ඇත. ජීවිතයට බොහේ දේ පැමිණිය හැක. නමුත් සංසාරගත ආලය පැමිණෙන්නේ එකම වරකි.

ඈ හමු වූ පසු තවත් දෙයක් මා හට සිදු විය. ඒ මා මෙතෙක් මා යැයි සිතා සිටි සමහර දේවල් මා මාගේ මනසට කාවද්දා තිබූ පුහු ආටෝපයන් බවට පත් වීමයි. කිසි ලෙසකින් ඒ මා පැතූ දේවල් නොවේ. මාගේ මනසෙහි ගැඹුරුම අඩියක තිබූ මෙතෙක් මා නොදුටු මා ඉහළට ගැනීමට ඈට හැකි විය. නමුත් ඈ එය විශ්වාස නොකරයි. ඈ හිතුවක්කාරය. එය මා දකින්නේ කෙලිලොල් හිතුවක්කාර කමක් ලෙසයි. මා ඒ හිතුවක්කාර කමටද දැඩි ලෙස ආලය කරමි. ඈ පවසන පරිදි මා ආලය කල යුත් කාන්තාව ඈ නොවේය. ඈ ඒ අසලකවත් නැති බව ඈ පවසයි. නමුත් ඈ නොදන්න කාරනය නම් ඇගේ සියලුම දෑ වලට මා ආලය කරන බවයි. කෙදිනක හෝ ඈ එය තේරුම් ගනු ඇත.

ඉදිරිය කුමක් වනු ඇත්දැයි මා නොදනිමි. ඈද නොදනී. නමුත් ඈ හැර යාමට මට නොහැක. මගේ ජීවිතය මින් ඉදියට ඈ හටම බාර කරමි. මාගේ සියළුම වත්කම් ඈ සතු විය යුතුය. කෙදිනක හෝ මා මිය යන විට ඇගේ නාමයෙන් මා මේ ලොව හැර යමි. මතු භවයන් වලදී මාගේ පාදපරිචාරිකාව ඈ වන ලෙස මා පෙරුම් පුරමි. අසවන නිවන් මග ගොස් ඈ හා නිවන් පුරයටද යමි. මේ ලොව පවතින මොනයම් හෝ කාරනයකට මාගේ සිතින් ගතින් ඈ වෙන් කල නොහැක. මෙතෙක් කලක් මට ලැබුණු වාසනවන්තම හා මිලකල නොහැකි සම්පත ඈය. ඉතින් කෙදිනක හෝ දිනක නුඹ මෙය කියවනු ඇතැයි මා සිතමි. නුඹ හැටි බැදි ප්‍රේමය ජීවිතය පවතින තුරා දිවි හිමියෙන් මා රකිමි. මට ඇවැසි නුඹ මිස අන් අයෙකු නොවේ. හැකි ලෙස නුඹ මා හා සිටිනු ඇතැයි මම සිතමි.

ප්‍රේමයට විවිද ඇරුත් ඇත. නමුත් ප්‍රේමිය ප්‍රේමයේ අරුත නුඹ නම් මා ප්‍රේම කල යුත්තේ නුඹටය. ප්‍රේමයේ නාමයෙන් මිය යන්නටද මට හැකිය. හිත අවුලුවාලන කාරන අප අතරට පැමිණ තිබුණද ඒ සෑම දේම පරයා නුඹට බැදි ප්‍රේමය නැගී සිටී. ඉතිං මා හට කල හැකි එකම දෙය නුඹ හට ප්‍රේම කිරීමම පමණකි.

No comments:

Post a Comment